ඡායාරූපයක් කියන්නෙ
අපි ගතකරන ජීවිතයෙ,
අපි ඉන්න පරිසරයෙ
ඇතිවෙලා නැතිවෙලා යන
අපේ සිත්ගත් එක නිමේශයක්.
යම් වාතාවරණයක් තුළ
කිසියම් මොහොතක
ප්‍රියජනක රාමුවක්
තියෙන්න පුලුවන් කියන ඉව
ඡායාරූප ශිල්පයෙදි
අවශ්‍යයි..
ඒ වගේම,
එහෙම බලා ඉන්න පුරුදු වෙනකොට
ඒ ඉව හැදෙනවා.
තමන්ට හොඳයි කියල හිතෙන
ඡායාරූප ගැනීමෙන්ම පමණක්
ඒ ඉව දියුණු කරගන්න
සියවස් ගණනාවක් ගතවේවි.
වෙනත් තැන්වලින්, වෙනත් විදිවලට
ඒ හුරුව හදාගන්න වෙනවා.
ස්ටීව් මැක්කරි වගේ
ඡායාරූප ශිල්පීන්ගෙ ඡායාරූප
නිතර බැලීම වැදගත්.
හිතා මතා රූප රාමු සකස් කරන
රායි, කුරොසවා, බර්ග්මාන් වගේ
පැරණි සිනමා අධ්‍යක්ශක වරුන්ගෙ
චිත්‍රපටි නරඹන එකත් වැදගත්..
ඒ චිත්‍ර පටි වල
සිත් ගන්නා රාමු
ඡායාරූප ගත කිරීමත්
හොඳ අභ්‍යාසයක්.
මෙම අභ්‍යාසයේදී
මුහුණුවල
හැඟීමට වඩා රාමුවේ
සම්පිණ්ඩණයට
මුල්තැන දෙන්න.
සත්‍යජිත් රායි, කුරොසාවා,
බර්ග්මාන් වැන්නවුන්ගෙ චිත්‍රපට
තෝරාගත යුත්තේ
ඒ නිසයි.
ඔබ එක රාමුවක් කපන්න
බලා ඉඳිද්දි
ඔබ හොඳ රූප රාමු
සිය ගණනක් දකිනවා.
ඒ වගේම ඔබ අරමුණත්
පරිසරයත් අතර
සම්බන්ධය දකින්න පුරුදු වෙනවා.
අරමුණ පරිසරයත් සමග
රිද්මයකට සම්බන්ධ වෙනතුරු
බලා ඉන්න පුරුදු වෙනවා.
මේ තුනෙන් වඩා හොඳ රාමුව කුමක්ද?
සැබෑ ජීවිතයේදී
මේ පුහුණුව ලබන්න
හොඳ සිනමා අධ්‍යක්ෂක කෙනෙක්
හොඳ ඡායාරූප ශිල්පියෙක්
ඔබට රාමු සකසා දෙන්නේ නැහැ.
මෙහි ඔබට ඒ අවස්ථාව තියනවා.
ඔබ කළ යුත්තේ
හොඳම රාමු තෝරා ගැනීම පමණයි.
---------------------------------------------------------------------
VLC player එකේ Shift + S ගැහුවාම
රාමු එකින් එක ඉබේම අංකිත වෙලා
Folder එකකට කොපි වෙනවා.
ඒක හරියට හොඳට හදපු පසුබිමක
නිදහසේ ඡායාරූප ගන්නවා වගෙයි.
අනාවරණය ආදිය ගැන
කරදර වෙන්න ඕනත් නෑ.
රාමුව දිහා බලන් ඉඳල
හොඳට ස්ථාන ගතවෙන තුරු බලා ඉඳල,
හොඳ හැඟීමක් එනතුරු බලා ඉඳලා
ගන්න පුලුවන්.
මේ ඒ විදියට
අපරාජිතෝ නරඹමින්
කපාගත්ත රාමු 850කින්
කොටසක්..
තවත් පිටු ගණනාවක් තියනවා.
හැම රාමුවක්ම හොඳ නැහැ..
සමහර ඒවා
හැඟීම වගේ වෙනත් හෙතු මතත්
අරන් තියනවා..
=======================================
සිනමා පට තෝරා ගනිද්දි
හොඳම කළු සුදු සිනමා පට තෝරාගන්න.
Sathyajith Ray, Akiraa Kurosawa, Ingmar Burgman
යන සිනමා අධ්‍යක්ෂකවරුන් විසින්
1950ත් 1970ත් අතර නිපදවුණ සිනමා පට
මේ සඳහා ඉතාම සුදුසුයි.
=======================================