සත්‍යජිත් රායි චිත්‍රශිල්පියෙක්.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.
ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.
මේ රූප රාමුවෙහි
බැතිමතුන් කණඩායම අසල
එල්ලා ඇති සුදු රෙද්ද සහ
අසල වේදිකාව මත ඇති අට්ටාලය
රූප රාමුවේ රිද්මය පවත්වාගෙන
රසිකයා පහසුවෙන්
රායිට අවශ්‍ය සීමාවේ රඳවාගන්න
සිතා මතා සකස් කළ උපක්‍රම
විය යුතුයි.
ඒ දෙක නැත්නම්
මේ රූප රාමුවෙන්
ඇතිකරන ප්‍රතිඵලය
දුර්වල වෙනවා.