20121205

අපරාජිතෝ රූප විශ්ලේෂණ



සත්‍යජිත් රායි චිත්‍රශිල්පියෙක්.
කුරොසාවාත් චිත්‍රශිල්පියෙක්.

ඔවුන් දෙදෙනාම
කතාවේ රිද්මය පිළිබඳව වගේම
රූප රාමුවල සුන්දරත්වය සහ
අවස්ථානුරූප ගැලපීම
ගැන සැලකිලිමත් වුණා.

http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/703563_4097692767363_1079411040_o.jpg
අපරාජිතෝ චිත්‍රපටයේ
මේ රූප රාමුවෙහි බැතිමතුන් කණඩායම අසල
එල්ලා ඇති සුදු රෙද්ද සහ අසල වේදිකාව මත ඇති අට්ටාලය
රූප රාමුවේ රිද්මය පවත්වාගෙන රසිකයා පහසුවෙන්
රායිට අවශ්‍ය සීමාවේ රඳවාගන්න සිතා මතා සකස් කළ උපක්‍රම විය යුතුයි.

බැතිමතුන් කණ්ඩායම සහ
හරිහර මතු කරල පෙන්වන්න
රායි යෙදූ උපක්‍රම නැත්නම් මේ රූප රාමුවෙන්
ඇතිකරන ප්‍රතිඵලය දුර්වල වෙනවා.

මේ රෙද්ද නැති වුණාම
කණ්ඩායම ගඟ දිසාවට
ගලා යාමක් දැනෙනවා..

සුදු රෙද්ද නිසා
හැදෙන හැඩයෙන් ඒක වළකිනවා.
සුදු රෙද්දක් එතන එල්ලන්න
වෙනත් ප්‍රායෝගික හේතුවක් නැහැ.

ඒ වගේම අට්ටාලය නැති වුණාම
ඇපේ ඇස දුවන්නෙ ඈත දියඹටයි..

අට්ටාලය නැති වුණාම
රෙද්ද මතුවෙලා පෙනෙනවා.
රෙද්ද නැති වුණාම
අට්ටාලයත් මතුවෙනවා.

ඒ දෙකම නැති වුණාම
වේදිකාව සහ
මුහුද මතුවෙනවා.

මේ හතර එකිනෙක සසඳා බැලීමෙන්
එම වස්තූන් වල වටිනාකම
පැහැදිලිවෙනවා.

========================
මේ අට්ටාලය මීට කලින්
ගං ඉවුරෙ දර්ශන පෙන්වද්දි
ඒ රූප රාමු වල නැහැ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhJhmQnZWVWFAOfAHnuhmEe9k6qjhaP1AOTleqGYFLp_q0a4OWlAqIw1Rookf2euUtofUopqsmLcJimYmHojYZMinjyLvAVDJfF-ATkAG164c2WcU2IhqecNF6qHtwrjvL7-PRVBZ6Oq9K/s1600/Aparajitho017.png 

=====================================================================

සමාන ලක්ෂණ සහිත
රෂෝමොන් සහ අපරාජිතෝ
දර්ශන දෙකක්.

මෙහි සමානත්වයක් දුටුවත්
රායි මේ රාමුව තෝරාගැනීම ගැන
ගෞරවයකුයි හිතේ ඇතිවෙන්නෙ.

රායි කුරොසාවා අනුකරණය කළා
කියල හිතෙන්නෙ නැහැ.

කුරොසාවාත් රායි ගැන කතා කරන්නෙ
ඉතාම ඉහළ හැඟීමකින්..
"පාතර් පංචාලි නැරඹීමෙන් පසු
මා සිත තුල ඇතිවූ උද්වේගය
මට කවදාවත්ම අමතක කරන්න බැහැ.
ඉන් පසුවද කිහිපවතාවක්ම
මා එය නැරඹූ අතර
ඒ හැම වරම වඩවඩාත් කැළඹුණෙමි.

ඉතාම නිරායාසයෙන් සහ
කිසිදු හදිසි ගැස්සීම් වලින් තොරව
රායි සිය සිත්තම පින්තාරු කරනවා.
ඒත් ඒකෙ ප්‍රථ්ඵලය
නරඹන්නාගේ ගැඹුරු හැඟීම්
අවදි කිරීමයි.
ඔහු මෙය කරන්නේ කෙසේද?

ඔහුගේ සිනමානුරූපී තාක්ශනයේ
අවුල්සහගත හෝ අදාල නොවන
කිසිමදෙයක් නෑ.

විශිෂ්ඨත්වයේ රහස එතැනයි."

දෙයක් හොඳ නම්
තමන්ගෙ ප්‍රතිරූපය මොකක් වුණත්
හොඳ දේ පිළිගන්න ඔවුන් තුල ඇති නිහතමානී කමත්
ඔවුන්ගෙ චරිතවල උසස් ලක්ෂණයක්.

=============================================================

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ගොඩක් අපුරුයි. බැතිමතුන් කණඩායම ඉන්න රූප රාමුවෙහි ඒ විදියටම ඇහැ යන දිශාව වෙනස් වෙනවා. මම ඡායාරූපකරණය හදාරලා නැහැ. එහි රීති ගැන ඇත්තටම අවබෝධයක් නැ. එත් මේ ඡායාරුප වල ඇහැ යන ආකාරය නම් ඒ කිව්වා විදියමයි. එක දැනෙනවා.

    ReplyDelete